සීනි ද? මෙහෙම වැටුණොත් ආයේ නැගිටිනවා බොරු
ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනේ නෑ කියනවනේ.
ඉතින් සීනිත් ඒ වගේ. වැඩි වුණාමත් ප්‍රශ්න, අඩු වුණාමත් ප්‍රශ්න.
කොටින්ම සීනි ඇගේ ගාණට මිම්මට තියා ගත්තේ නැත්තන් ඉතින් මුළු ජීවිතේ ම දියවැඩියාවත් එක්ක තමයි ගෙවන්න වෙන්නේ.
දියවැඩියා රෝගීන් කිව්වම රුධිරගත සීනි මට්ටම හදිසියේ වැඩි වීම වගේම අඩුවීමත් දැකගන්න පුළුවන්.
සීනි වැඩි එක පැත්තක තියමුකෝ රුධිරයේ සීනි අඩු වුණාම හටගන්න තත්ත්වයක් තමයි ඩයබිටික් කෝමා කියලා බොහෝ දෙනා කතා කරන්නේ.
දියවැඩියාව නිසා ඇතිවන සිහිනැතිවීමේ තත්ත්වය තමයි මේ ඩයබිටික් කෝමා තත්ත්වය ලෙස හඳුන්වන්නේ.
මේකට නිසි පිළියම් ඉක්මනින් නොකළොත් මාරාන්තික වෙන්නත් පුළුවන් කියලා හොයා ගෙන තියෙනවා.
ඒ අනුව රුධිරයේ සීනි මට්ටම අඩු වෙන හේතු විදිහට,
සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම් හෝ ව්‍යායාමයන්හි නිරත වීම නිසා
නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගැනීම නිසා
ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබා ගැනීම නිසා
මත්පැන් පානය කළ විටදි
කොහොම වුණත් රුධිරයේ සීනි මට්ටම අඩු වීම ආරම්භක අවධියේදී හඳුන ගන්න පුළුවන් ලක්ෂණ තිබෙනවා.
ඒ අනුව හිසරදය දිව හා දෙතොල් හිරිවැටීම, වෙව්ලීම කුසගින්න, ආවේගශීලී බව,කලබලවීම පෙනීම අපහැදිලි වීම හෘද ස්පන්දනය වේගවත් වීම දහඩිය දැමීම ඊට අමතරව රැධිරයේ සීනි මට්ටම පහළ ගිහින් අවසානයේ සිහිනැතිවීම පවා වෙන්න පුළුවන්.
ඩයබිටික් කෝමා කියන්නේ මේ තත්ත්වයයි.
මේ තත්ත්වය ඇති වුණොත් රුධිර පරීක්ෂාවක් කළ විට සීනි මට්ටම ලීටරයකට මිලිමෝල් 4ට වඩා අඩුවී ඇති බව දැක්වෙනවා.
රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවෙන නිසා පුළුවන් තරම් එයින් වැළකිලා ඉන්න කටයුතු කළ යුතුයි.
ඒ සඳහා මුලින්ම රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කරගත යුතුයි.
එසේ පරීක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් නැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ වෙනුවෙන් ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුයි.
නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් යුත් ක්ෂණිකව ක්‍රියාත්මක වන කාබෝහයිඩ්‍රේට් වර්ගයක් ආහාරයට ගැනීම හෝ පානය කිරීමෙන් මේ තත්ත්වය වළක්වාගත හැක.

රැඳවියාට සමාව දීම ගැන සම්පූර්ණ පැටිකිරිය එළියට...මහ මොළකරු බැසිල් ද? රට පැනලා එන්නෙ නැත්තෙත් ඒ නිසා..
ග්ලූකෝස් තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්, නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්.
ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.
සිසිල් බීම හෝ පළතුරු යුෂ කෝප්ප 01ක්, මී පැණි තේ හැඳි 03ක් හෝ මේස හැඳි 01ක්.
ඉන්පසුව මිනිත්තු 10 - 15කට පසු රැධිරයේ සීනි මට්ටම නැවත පරීක්ෂා කරගන්න. එවිටද රැධිරයේ සීනි මට්ටම අඩු නම්, ඉහත ක්‍රියාකාරකම් නැවත සිදුකරන්න.
ඒ වගේම ඊළඟ ආහාරවේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරතවීමට සිදුවේ නම් වෛද්‍ය ආහාර මාර්ගෝපදේශන අනුව වන ආහාර සැලැස්මක් අනුගමනය කරන්න.
මොනවා වුණත් අද වෙන විට දියවැඩියාව කියන්නේ පුංචි දරුවන් තුළ පවා දැකගත හැකි ඛේදජනක රෝගයක්.
එනිසා සෞඛ්‍ය පිළිබඳ අවධානෙන් යුතුව සීනි පරිභෝජනය කරන්න.
