පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණයක් - සරසවියම කළඹපු හේතුව මෙන්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මෙයට මාස කිහිපයකට පෙර පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අඳාළ සිසුවා ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලැබූ අතර විශ්ව විද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත විශ්ව විද්‍යාලිය විනය පාලක අංශය නේවාසිකාගාරයේ ඔහු සිටි කාමරය පරීක්ෂාවට ලක් කර තිබුණා.
එහිදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් හා රුපියල් 75000ක මුදලක් ද සිසුවා සන්තකයේ තිබී විනය පාලක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමට සමත් විය.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිය දී විශ්වවිද්‍යාලය මඟින්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව සිදුකළ එම පරීක්ෂණ වාර්තාවට අනුව සිසුවාගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණය වී ඇති අතර උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්ගේ නිර්දේශ මත ඊට අදාළ ලිපිය සිසුවා වෙත භාරදී ඇති බව සඳහන්.
පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභියා වෙන කවුරුවත් නෙවෙයි කාදිනල්තුමන්.. හීන් සැරේ ගහපු ගේම ගම්මන්පිල රටටම එළි කරයි