ඩෙල්ටා මේ රට වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක්

sri lanka Delta WHao
By Sithumi Jul 16, 2021 03:27 PM GMT
Sithumi

Sithumi

Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් එමගින් බරපතළ රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බවය. කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඒ බව පැවසීය.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණයට පත්වී තිබූ පුද්ගලයින්ගෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය අද පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත්කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමුකරවීමේ අවශ්‍යතාව එම රැස්වීමට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර අද දිනයේ මෙරටට රැගෙන ආ මොඩර්නා එන්නත් පහලොස් ලක්ෂයත් සමඟ මෙරටට මේ දක්වා ලැබී ඇති කොවිඩ් මර්දන එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබේ.

මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ටද මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකර ඇති සියලුම කොවිඩ් මර්දන එන්නත් මෙරට භාවිතය සඳහා හැකියාව පවතින බවය.

You may like this video?

ගුරුවරියක හඬමින් කියූ කතාව