ඩෙල්ටා ආසාදිතයින් 61 ක් හමුවේ
COVID19
ISOLATED
TRAVEL RESTRICTION
QUARANTINE
DELTA
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ් ඩෙල්ටා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ කෝට්ටේ, කොලොන්නාව, අංගොඩ, නවගමුව, මහබාගේ, කටුනායක, මීගමුව, රත්මලාන, බේරුවල, ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවලින් ද ආසාදිතයන් හඳුනාගැනීමත් සමගයි.
ඊයේ (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,714ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 291,291ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,959කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |