ඩෙල්ටා මෙල්ල කරන මෙරට පුද්ගලයන්ට දෙන එන්නත. මාත‍්‍රා දෙකෙන් ඉහලම ආරක්‍ෂාවක්

Delta Chyinopham
By Sithumi Jul 11, 2021 09:36 AM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා පාලනය සඳහා භාවිත කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොඳ ආරක්ෂාවක් ඇතැයි හෙළි වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් දේශීය විද්‍යාඥයන් සිදුකළ පරීක්ෂණයකින් මෙම තොරතුරු හෙළිව ඇති බවයි.

අදාල පරීක්‍ෂණ වාර්තාව එළඹෙන සතියේ අග වන විට නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. ඇමතිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.