ඩෙල්ටා ආසාදිත 14 දෙනා ප්‍රදේශ රැසකින් වාර්ථා වෙයි. රටපුරා delta පොකුරු ඇතිවීමේ අවදානමක්.

Sri lanka hemantha herath Covid varient deta
By Sithumi Jul 03, 2021 12:19 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් හඳුනාගත් delta ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරට දිස්ත්‍රික්ක හතරකින් හඳුනාගෙන තිබේ.

එම දිස්ත්‍රික්ක වන්නේ ත්‍රිකුණාමලය  කොළඹ ගාල්ල මාතර යන දිස්ත්‍රික්කයි. මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනය සිදුකර සිදු කර පරීක්ෂණ අනුවයි.

 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දුන්  සාම්පල් 141කින්  ලබාගත්තු වාර්තා  අතුරෙන් දාහතර දෙනකු delta ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන තිබේ. 

කොළඹ දිස්ත්‍රික්කයේ  කොලොන්නාව  , කොළඹ නගර සභා බල ප්‍රදේශය අංගොඩ යන ප්‍රදේශවලින්  ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

එමෙ ම අද දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් හා එක්වෙමින් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ දිවයින පුරා පුරා ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බවයි. . අද (03) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍යවේදියෙක් - වෛද්‍යතුමනි ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිත පොකුරු දිවයින පුරා බිහිවීමේ හැකියාවක් තිබෙනවා ද?   

වෛද්‍ය හේමන්ත හේරත් මහතා - අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ප්‍රභේදය ලංකාවේ තිබෙන බව දැන් අපි දන්නවා. මේක තියෙන රෝගියාව අපිට ඇහැට පේන්නේ නෑ. ඒ නිසා මේ වෛරස ප්‍රභේදය ශරීරගත වූ අය අනන්තවත් ඉන්න පුළුවන්. ඒ අය මෙන්ම ඒ අයව ආශ්‍රය කරන අය සෞඛ්‍ය පුරුදු පිළිනොපැද්දොත් මේ වෛරස ප්‍රභේදය බෝ කිරීම සිදුවෙයි. මේ ප්‍රභේදය යම් යම් ස්ථානවලදී හමුවුණා කියලා මතයක් ගොඩ නැගිලා තියෙන්නේ සැහැල්ලුවෙන් කරන ප්‍රකාශ නිසා. එහෙම නැතුව සෞඛ්‍ය අංශයේ කිසිම කෙනෙක් පරීක්ෂණවලදී හෝ සාක්ෂි සහිතව මෙවැනි දෙයක් ප්‍රකාශ කරලා නෑ. සාමාන්‍ය PCR පරීක්ෂණයකට වඩා මේ වෛරසය හඳුනා ගැනීමට සෑහෙන්න කාලයක් ගත වෙනවා. දින කිහිපයක් ගතවනවා. මේක සංකීර්ණ ක්‍රියාවලියක්.

මාධ්‍යවේදියෙක් - මේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ කරලා අවසන් වෙලා ඒ සම්බන්ධ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීල ද තියෙන්නේ ? 

 වෛද්‍ය හේමන්ත හේරත් මහතා - ඒ ඒ සාම්පල ලැබෙන පරිදි තමයි ඒ කටයුතු කෙරෙන්නේ. මේ දක්වා තහවුරු කරපු 5 දෙනෙක් ගැන අපිට තොරතුරු ලබාදීලා තියෙනවා. ඉදිරියේදී ආයේ තහවුරු වුණොත් අපිට දැනුම් දෙයි. මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන දරුවන් වෙත එන්නත්කරණ වැඩසටහන දැනට තිබෙන සාමාන්‍ය එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ සිදුවෙන බවත් ඇතැම් රටවල් මේ සඳහා විශේෂිත එන්නතක් ඉල්ලන අවස්ථා ද පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. එවැනි අවස්ථා ආවරණය වෙන පරිදි ඉදිරියේදී ක්‍රියාවලියක් ආරම්භ කිරීම ගැන ප්‍රකාශයට පත්කරන බවද ඔහු පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now