ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් 14 දෙනෙකු මෙරටින් හදුනා ගැනේ.

Sri lanka delta Covd 19
By Sithumi Jul 03, 2021 11:22 AM GMT
Sithumi

Sithumi

Report

භයානක ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් 14 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.

 නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.