ලොව මුල්වරට ඩබල් කොරෝනා රෝගියෙක් හමුවෙයි!

By Wasantha Jul 17, 2021 02:03 PM GMT
Wasantha

Wasantha

Report

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එක් පුද්ගලයකුට එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව සොයා ගැනීමට දැන් වෛද්‍ය විද්‍යාඥයන් සමත්ව ඇත.

ඒ ඇල්ෆා (බ්‍රිතාන්‍ය) සහ බීටා (දකුණු අප්‍රිකාව) යන ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති කාන්තාවක් ගැන බෙල්ජියමෙන් වාර්තාවීමත් සමගිනි. කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවත් එසේම මෙවැනි ද්විත්ව ආසාදන තත්ත්වයක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාවද මෙය බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙම ද්විත්ව ආසාදනය සිදුව ඇත්තේ මෙම වසරේ මාර්තු මසදී මියගොස් ඇති 90 හැවිරිදි බෙල්ජියමේ කාන්තාවකටය. එම කාන්තාව කොවිඩ් එන්නත් කිසිවක් ලබාගෙන නොමැති බව සහ ඇයට කොරෝනා වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ අවස්ථා දෙකකදී බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන ඇත.