අපේ දරුවෝ දෙන්න අපි වැඳලා කියන්නම් වැරදි කරලා නෙවෙයි ගෙනාවේ - මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට සිරකරුවන්ගේ දෙමව්පියන් යකා නටයි

Report

ඊයේ දිනයේ මීගමුව බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් බොහෝ පිරිසක් තුවාල ලැබ රෝහල් ගත කිරීමටත් ඉන් කීප දෙනෙකු මිය යාමත් සිදුවිය.

ඒ අනුව නැවත වතාවක් මෙම අද දින (06)පෙරවරුවේ ඇති වූ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

ඒ අනුව එම හේතුවෙන් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් ඇතුළු15ක් මියගොස් ඇතැයි සඳහන්වේ.

ඒ වගේම පනස් දෙනකුට අධික පිරිසක් මේ වන විට තුවාල ලැබ රෝහල්ගත කර තිබේ.

මෙම තත්ත්වය මත මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට මෙම රැඳවියන්ගේ දෙමව්පියන් පැමිණ උණුසුම් තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී තිබේ.

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට

ඔවුන් සඳහන් කරන්නේ තමන්ගෙ දරුවා තමන්ට දෙන ලෙසයි.

එමෙන්ම වරදක් නොකර රැගෙන ආ පුද්ගලයන් මෙහි සිටින බවත් සඳහන් කරන දෙමව්පියන් මෙම තත්ත්වය හමුවේ ඔවුන්ව නිදහස් කරන මෙන් හඬමින් වැළපෙමින් ඉල්ලා සිටී.

යළි නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් 25කට තුවාල

යළි නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් 25කට තුවාල

කෙසේ නමුත් මේ වන විටත් තත්ත්වය පාලනය කරමින් පවතින අතර මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට ආරංචි මාර්ග සඳහන් කරයි.