ඉහළ පෙළේ ඉන්දීය ආරක්ෂක නියෝජිත පිරිසක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට එක්ව සිටින ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ඉන්දීය ආරක්ෂක නියෝජිත පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා හමුවී තිබේ.
ඊයේ (09) පැවැති මෙම සාකච්ඡාවට ඉන්දීය ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිට් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජේ කොච්හාර් යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් සංදීප් ජයින් යන මහත්වරුන් ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
මෙම හමුවේදී දෙරට අතර දීර්ඝකාලීන ආරක්ෂක සබඳතා, කලාපීය හා සමුද්‍රීය ආරක්ෂාව, ආපදා පූර්ව සූදානම සහ දෙරටේ සන්නද්ධ හමුදාවල පුහුණු හැකියාවන් තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම 'දිට්වා' සුළි සුළං ආපදා අවස්ථාවේදී ඉන්දියාව දැක්වූ කඩිනම් මානුෂීය සහයෝගය අගය කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන්දීය රජය සහ සන්නද්ධ හමුදා ලබාදෙන අඛණ්ඩ සහයට සිය කෘතඥතාව පළකළේය.