ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද ජනාධිපති පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට පැමිණෙයි

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට පැමිණෙයි

අධිකරණයට අපහාස කිරීමේ වරදට ඥානසාර හිමියන්ට 2018 වසරේදී අභියාචනාධිකරණය මගින් වසර 6ක සිරදඬුවමක් නියම කර තිබූ අතර, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට ජනාධිපති පොදුසමාව ලබා දෙමින් නිදහස් කිරීමට පියවර ගෙන තිබිණි.

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්