මත්ද්‍රව්‍ය සමඟ හසු වූ කොස්තාපල් ගැන ගත් තීරණය.
Sri Lanka Police
Sri Lanka
Drugs
By Hashini
ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් අද (04) දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදි සැකකරුවන් 07 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඇප ලබා තීරණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරුවාව දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් දෙයියන්දර මහෙස්ත්‍රාත් කෝසලා අනුරුද්ධිකා විදානපතිරණ මහත්මිය අද අවසර ලබා දුන්නා.
