කුකුළු මස් මිල ගැන තීරණයක් අද.

Sri Lanka Economy of Sri Lanka Nalin Fernando
By Hashini Sep 21, 2023 03:36 AM GMT
Hashini

Hashini

Report

කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ කුකුළු නිෂ්පාදකයින් අතරයි.

කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1250 ක මිලකට මේ වනවිට අලෙවි වනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය. 

ReeCha