රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ගත් තීරණය

Report

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගැනීමක් වාර්තා වි තිබෙනවා.

අද (06) අලුයම 5.20ට පමණ රාජකාරි අවස්ථාවේදි තම රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිබිල දිය කොබල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් වන අතර ඔහු ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිතව තිබූ බවයි සඳහන් වෙන්නේ.

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න (UPDATE)

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න (UPDATE)

පසුගිය වසරේ මෙම සැරයන්වරයාගේ බිරිඳ පිලිකාවෙන් මියගොස් ඇති බවද වාර්තා වනවා.

ඔහු ඉකුත් 05 වෙනිදා රාත්‍රි පදියතලාව පොලිස් ස්ථානයේ රාජාකාරි යොදවා ඇති අතර තමන්ගේ ඇස් දෙක පෙනිමේ අඩු බව පවසා පදියතලාව පොලිසියේ ඉදිරියේ මුරකුටියේ රාජකාරිය ඉල්ලා ගෙන ඇත.

පසුව අද අලුයම මුරකුටිය තුලදිම රාජකාරි ගිනි අවියෙන් නිකට පෙදෙසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

වැඩිදුර පරික්ෂණ පදියතලාව පොලිසිය ක්‍රියාත්මක කරනු ලබනවා. 

තවත් අපේක්‍ෂකයෙක් අත්අඩංගුවට...

තවත් අපේක්‍ෂකයෙක් අත්අඩංගුවට...