සඳුදා පාසැල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි ලබන සඳුදා(08) අනිවාර්යයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
මේ අනුව ලබන සඳුදා සිට පාසැල් වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සඳහා සුදානම් බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවා.
එසේම 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම සියළු ශ්‍රේණි සඳහා අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.
මේ අතර , දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ එම වැඩිවීම පෙනී යන බවද ඒ මහතා පැවසීය. එනිසා දෙමාපියන් ලෙස කළ යුතු වන්නේ දරුවන් ද රැකගෙන පාසල් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබා දීම බව ද ඔහු පවසයි.
කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය.
දරුවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් වහාම නවතා දමන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
