ඉරාන නෞකාවකට අයත් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් වෙරළට - වෙරළ පුරා ඩීසල්
ගාල්ල ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් එල්ල කළ ටෝර්පිඩෝ ප්‍රහාරයට ලක්වූ ඉරාන නෞකාවකට අයත් බවට සැක කෙරෙන කොටස් කිහිපයක් අද (07) හික්කඩුව සිට සීනිගම දක්වා වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව වාර්තා වෙයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ එම වෙරළ පුරා ඩීසල් පැල්ලම් පැතිරී ඇති බවත්, ඒ හේතුවෙන් මුහුදේ මත්සයින් මියගොස් වෙරළට ගොඩ ගසා ඇති බවත්ය.
ඩුබායි ගුවන්තොටුපළට ඉහළින් පිපිරීමක් - විශාල දුමාරත් සමඟ සංසරණය වූ වීඩියෝවලින් සමාජ මාධ්‍යයේ කැළඹෙයි
මෙම තත්ත්වය හේතුවෙන් එම වෙරළ තීරයට සංචාරකයින්ගේ පැමිණීම ද දැඩි ලෙස අඩු වී ඇති බවද ඔවුන් සඳහන් කරයි.
ඒ අනුව, මේ පිළිබඳව වහාම සොයාබලා සුදුසු විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.