පහරදීමකින් පුද්ගලයෙක් මිය යයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (28), මුලතිව් සියඹලාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු පහර දී ඝාතනයක් සිදුකර තිබෙනවා.
එමගින් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පසු වූ පුද්ගලයෙක් මියගොස් ඇත්තේ.
ඔහු තම නිවසේ නිදමින් සිටි අවස්ථාවක අලුයම් කාලයේ දී පුද්ගලයින් කිහිපදෙනෙක් නිවසට ඇතුළත් වී නිවැසියන්ට පහර දී රන් පවුම් 12ක පමණ රන් භාණ්ඩ හා රුපියල් 50000ක මුදලක් කොල්ලකා පලාගොස් ඇත.
එම අවස්ථාවේ නිවසේ රැදී සිට ඇත්තේ මිය ගිය පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ ඥාති පුද්ගලයෙක් වේ.
පහරදීම් නිසා පුද්ගලයා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලීසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |