සහෝදරියගේ නිවසට යන අතරතුර පුද්ගලයෙක් නොසිතූ ඉරණමකට ලක්වෙයි..
By krishani
ඊයේ (25), හඟුරන්කෙත - පිලපිටිය ප්‍රදේශයේ ඇලක වැටී පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා විය.
ඒ හඟුරන්කෙත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 58 වන පිලපිටිය හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
පසුගිය 24 වන දා රාත්‍රී කාලයේ දී සහෝදරියගේ නිවසට යන අතරතුර මොහු ඇලට වැටී ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |