බදුලු ඔයෙන් මතු වූ කාන්තා මළ සිරුර

By Hashan May 11, 2025 10:43 AM GMT
Report

අද (11) දහවල් බදුලු ඔයේ ගසාගෙන ආ කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.   

ගසාගෙන ආ මළ සිරුර බදුල්ල - හංවැල්ල පාලමට පහළින් වූ ප්‍රදේශයේ දී ඔය අද්දර පිහිටි ගලකට හේත්තු වී නතර වී තිබියදී ප්‍රදේශවාසීන් විසින් දැක තිබෙනවා. ප්‍රදේශවාසීන් අදාළ සිදු වීම සම්බන්ධයෙන් බදුල්ල පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය පැමිණීමෙන් අනතුරුව දේහය ගොඩ ගෙන ඇත.

බදුලු ඔයෙන් මතු වූ කාන්තා මළ සිරුර | Death Body

පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයකු මිය ගිය කාන්තවගේ දරුවා යැයි පවසා සිටි අතර ඔහු විසින් තම මවගේ සිරුර හදුනා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.   

ඔහු පවසා සිටියේ මීට දින තුනකට පමණ ඉහත දී තම මව නිවසෙන් අතුරුදන්ව සිටි බවත්, ඒ පිළිබදව පොලීසියට පැමිණිල්ලක් කිරීමට පැමිණි පසුව බදුලු ඔයේ මළසිරුරක් ඇති බව පොලීසිය පැවසීමත් සමග මෙම ස්ථානයට පැමිණි බවයි .

ස්ටාලින් සරෝජාට දෙහි කපයි..

ස්ටාලින් සරෝජාට දෙහි කපයි..

කෙසේ වෙතත් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වන බදුල්ල, සිරිමල්ගොඩ පදිංචි කාන්තාවක් බවයි අනාවරණය වී ඇත්තේ .

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගය මත ඉදිරි කටයුතු සිදු කිරිමට නියමිත බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුරටත් විමර්ශන සිදු කරයි. 

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ඇප

රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට ඇප