ලංකාවම සංවේදී කරවමින්, මියගිය අනුලාගේ මරණ පරීක්ෂණයේ දී අණාවරනය වුණ දෙය - හද සසල කරයි..

Sri Lanka Death
By krishani Oct 29, 2023 01:54 PM GMT
krishani

krishani

Report

ඊශ්‍රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය ඊයේ (28) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මියගිය අනුලා රත්නායකගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළට පැමිණියේ ය.

මේ අතර ඇයගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක් බවට මෙරට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඇගේ දේහයේ අභ්‍යන්තරයේ තිබී උණ්ඩ කැබලි කිහිපයක් ද හමු වී ඇත.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

එමෙන්ම ඇයට පහරදීම් හෝ වදහිංසා සිදුව නොමැති බවට අනාවරණ වී අතර ඇගේ දේහය මේ වනවිට කැලණියේ පිහිටි නිවසට රැගෙනවිත් ඇත.

කෙසේ වෙතත්, පසුගිය 07 වන දා හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කළ අනුලා රත්නායක ජීවිතක්ෂයට පත් විය.

ReeCha