සිසිල් බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවා මරුට

By Dilasha Mar 24, 2025 06:15 AM GMT
Report

යාපනයේ නිවසක බෝතලයක දමා තිබු ඩීසල් , සිසිල් බීම යැයි සිතා පානය කළ අවුරුද්දයි මාස 9ක් වයසැති දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

 නිවස අසළ තිබු ඩීසල් බෝතලයක් සිසිල් බීම යැයි සිතා දරුවා විසින් පානය කොට ඇති අතර, ඒ බව දුටු දෙමාපියන් දරුවා කඩිනමින් කයිට්ස් රෝහලට ඇතුළත් කොට තිබේ.

දරුවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට තිබු අතර, ප්‍රතිකාර අතරතුර දරුවා ඊයේ (23) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. 


Laptop එක desktop එක slow වෙලාද?

Laptop එක desktop එක slow වෙලාද?