අවන්හලක් තුළ දරුණු ගැටුමක් එක් අයෙක් මරුට
By Mithu
අද (04) අලුයම, පුංචි අකුරුගොඩ සංචාරක අවන්හලක් තුළ සිදුවූ පිහි ඇණුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ යෙදෙන තුන්දෙනෙකු මෙම අවන්හලේදී මත්පැන් පානය කරමින් සිටියදී, දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකදී එක් අයෙකු අනෙකාට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකර ඇති බවයි.
මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පුංචි අකුරුගොඩ පදිංචි සංචාරක සෆාරි ජීප් රථ රියදුරු, රවීන්ද්‍ර චතුමාල් (වයස 33) ය. ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය තිස්සමහාරාම දෙබරවැව මූලික රෝහලට තැන්පත් කර තිබේ.