ආපදා මැද නාවක්කාඩුවේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් - හේතුව මෙන්න

Report

නොරොච්චෝල පොලිස් වසමෙන් ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් කාන්තාවකට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

ඒ අනුව නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව ප්‍රදේශයේදී ඊයේ (03) දින රාත්‍රී කාලයේ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පිරිමි පුද්ගලයා හා එක් කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් සහ මරණකාරිය වයස අවුරුදු 35ක් බවත් ඔවුන් නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.

නරක ආරංචියක් මරණ ගණන ඉහලට

නරක ආරංචියක් මරණ ගණන ඉහලට

එමෙන්ම දැනට සිදු කළ විමර්ශනයේදී හෙළිව ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි.

ඊට අමතරව වයස අවුරුදු 23ක් වන නාවක්කාඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්. කෙසේ වෙතත් නොරොච්චෝල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා - රටට විරුවෙක් අහිමි කළ ලුණුවිල ඛේදවාචකය ගැන ඇහෙන සංවේදී කතාව

බය වෙන්න එපා මම මැරුණත් උඹලා බේරාගන්නවා - රටට විරුවෙක් අහිමි කළ ලුණුවිල ඛේදවාචකය ගැන ඇහෙන සංවේදී කතාව

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්