ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා

Report

ගමනාගමනයට විවෘත කර තිබූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය යළි සීමා කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් දා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක් සිදු වූ පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයෙන් මෙසේ ගමනා ගමනය යළි සීමා කර ඇති බව සඳහන්.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන ක්‍රියාන්විතයට අයත් රථ සඳහා පමණක් අඳාළ ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවත් පවසයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

කඩුගන්නාව පොලීසියෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මහනුවර සිට එන රථ වාහන කඩුගන්නාව නගරයෙන් මාර්ග බාධක දමා සීමා කර ඇති බවයි.

එසේම ගනේතැන්න නගරයෙන් මාර්ග බාධක දමා මහනුවර බලා පැමිණෙන රථ වාහන ද සීමා කර ඇති බව වාර්තා වේ.  

අධිවේගී මාර්ග භාවිතා කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

අධිවේගී මාර්ග භාවිතා කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්