සති දෙකකින් IMF වාරිකය වහාම නිකුත් කරන්න - ණය ඩොලර් බිලියන දෙක පනී

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)මඟින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකමේ හයවන කොටස වහාම නිකුත් කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.

අඳාළ තීරණයට අනුව, ඇමරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත බව සඳහන්.

එම එකඟතාවයට එළඹ ඇත්තේ මුදල් අමාත්‍යාංශයේදී අද දින පැවති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවේදී බව වාර්තා වේ.

එසේම මෙම හමුවට මෙරට සිටින විදේශ දූත මණ්ඩල, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් මෙන්ම ණය සපයන නියෝජිත ආයතන ද සහභාගී වී ඇත.

මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් හයවන වාරිකය මුදා හැරීමත් සමඟ, මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.082 දක්වා ඉහළ යනු ඇති බව පවසයි.

අධිවේගී මාර්ග භාවිතා කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

අධිවේගී මාර්ග භාවිතා කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

මෙරට ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ලබා ඇති ප්‍රගතිය විමර්ශනය කිරීම සඳහා සිදු කරන ලද පස්වන සමාලෝචනයට අදාළව සාකච්ඡා කොට, ඊට අනුමැතිය ලබා දීම පිණිස විධායක මණ්ඩලය ලබන 15 වැනි දින රැස්වීමට මීට පෙර සූදානම් කර ඇත.

එමෙන්ම මෙම සමුළුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා යන දෙදෙනාගේ සම සභාපතීත්වයෙන් පවත්වා තිබෙනවා.

ඉන්ධන මිල සංශෝධනය මෙන්න

ඉන්ධන මිල සංශෝධනය මෙන්න

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා

ආයෙත් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට සීමාවක් මෙහෙනුත් වහලා