ආපදාවෙන් විනාශ වූ රථ වාහන ලිය කියවිලි යළි සකසන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසන පරිදි, ආපදාවෙන් විනාශ වී ඇති රථවාහන ලියකියවිලි නැවත සකසා, ඒවා හිමිකරුවන්ට ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට දිවයින පුරා කටයුතු කිරීමට සුදානම් වේ.
ඒ අනුව ඒ මහතා සඳහන් කළේ, ආපදාවෙන් බිඳවැටී තිබූ පරිගණක පද්ධතියද යථා තත්ත්වයට පත්කර ඇති නිසා දැන් රියැදුරු බලපත්‍ර ලබාදීම ආරම්භ කළ බවයි. රථවාහන සම්බන්ධ විනාශ ලියකියවිලි සකස් කිරීම සඳහා පොලිසිය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමඟ එක්ව ඉදිරියේදී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති නිසා, වේරහැර ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයින පුරා පිහිටි සියලු දිස්ත්‍රික් කාර්යාලවල රාජකාරි සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවද කමල් අමරසිංහ මහතා පැවසීය.
පද්ධති දෝෂය සහ කාලගුණය හේතුවෙන් අවලංගු වූ විභාග,
නොවැම්බර් 27 දින පැවැත්වීමට තිබූ විභාග → දෙසැම්බර් 08
නොවැම්බර් 28 දින පැවැත්වීමට තිබූ විභාග → දෙසැම්බර් 09
යන දිනයන්හී පැවැත්වේ.මෙම විභාග සියල්ල අයදුම්කරුගේ වෙන්කරගත් වේලාවේදී පැවැත්වේ.
තවද, පද්ධති බිඳවැටීම හේතුවෙන් නොවැම්බර් 27, 28, දෙසැම්බර් 01, 02 දිනවල සේවා ලබාගැනීමට වෙන්කරගත් සේවාලාභීන්ට ඉදිරි සති දෙක තුළ ඕනෑම දිනයක පැමිණ සේවා ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා: 070 – 7188866 (වට්ස් ඇප්)අංකයෙන් විමසීම් කළ හැක.