ඇමති දයාසිරි හදිසි අනතුරකට ලක්වෙයි
Sri lanka
dayasiri
Accsident
By Sithumi
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනතුරකට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
ඒ මහතා මෙම අනතුරට මුහුණ දී තිබෙන්නේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී. සිය දෛනික ව්‍යායාම සඳහා අමාත්‍යවරයා විසින් පාපැදියක් පදවනමින් සිටින අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක අමාත්‍යවරයාව ගැටී තිබෙනවා.
එහිදී අමාත්‍යවරයාගේ නළලට, අත්වලට සහ පාදවලට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් පවසා තිබුණේ තමන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්, එය සාමාන්‍ය රිය අනතුරක් බවයි.
අනතුරින් සිදුවූ තුවාලවලට ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය නිවස වෙත පැමිණ තිබෙනවා.
You may like this Video?
යලි රට වහන්න වෙන්නේ නෑ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |