හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර ඇති ආකාරයට කුලී රථ ගමන්සේවා නියාමනය කිරීමේ පළමු අදියර යටතේ දත්ත රැස් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කර ඇත්තේ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ, පාසල්, කාර්යාල, විශේෂ චාරිකා සහ කුලීරථ හිමිකරුවන්ගේ සහ ධාවකයින්ගේ තොරතුරු මේ අනුව රැස්කිරීමට නියමිත බවයි.
මෙහිදී මෑතකදී සම්මත වූ 2025 අංක 08 දරණ ගමනාගමන කොමිෂන් සභා සංශෝධිත පනත යටතේ මෙම කටයුතු ආරම්භ වී ඇත.