ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ල නැවත පැමිණෙයි (VIDEO)

cricket quarantine dikwella danushka kusal
By Sewvandhi Jun 29, 2021 08:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.

එලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.

ඔවුන් දහවල් 1.15ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. අදාළ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව, දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට, ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාර දුන් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටත් එම ක්‍රීඩකයින් ව වහාම නැවත මෙරටට කැඳවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේය.

කණ්ඩායමේ කළමනාකරු විසින් ඉදිරිපත් කළ මූලික වාර්තාවක් පදනම් කරගෙන ක්‍රීඩකයින් ව නැවත ගෙන්වීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්විය.



Join now