අත්අඩංගුවට ගත් ඩානිෂ් අලීට එකවරම සිදු වුණ දෙය.. (UPDATE)
UPDATE :
අත්අඩංගුවට ගත් ඩානිෂ් අලීට එකවරම සිදු වුණ දෙය..
අරගලයේ ක්‍රියාකාරී සාමාජික ඩානිෂ් අලී කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණ.
ඒ කොටුව දුම්රියපොළ පරිශ්‍රයේ සිදු වූ කලහකාරී සිද්ධියක් මූලික කරගනිමින් ය.
එලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළුවේ කිසිවෙකුත් නොමැති බවට පවසමින් ඔහු එය වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුට කිසියම් පිරිසක් පහර දී ඇත.
මේ වන විට එම වීඩියෝ පටය ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.
---------------------------------------------------
ඩානිෂ් අලී අත්අඩංගුවට - හේතුව පොලිසිය කියයි.
ඊයේ (27) කොටුව දුම්රිය ස්ථානයේ දී කළ ප්‍රචණ්ඩකාරී සහ නොසන්සුන්කාරී හැසිරීම සම්බන්ධයෙන් ධානිෂ් අලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බව පොලිසිය සඳහන් කළේ ය.
පසුගිය වසරේ (අරගලය) පැවති ප්‍රචණ්ඩ උද්ඝෝෂණ අතරතුර ඔහු රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුල් වී තිබිණ.
