16 හැවිරිදි පාසල් දැරියක් පැය 127ක් එකදිගට නටලා ලෝක වාර්තාවක් තබයි.(PHOTOS)
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ 16 හැවිරිදි පාසල් දැරියක් අඛණ්ඩව පැය 127ක් නර්තනයේ යෙදෙමින් ගිනස් වාර්තාපොතට ඇතුළත් වූ බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
ශ්රූෂ්ටි සුධීර් නමැති මේ දැරිය දින පහක් පුරා නර්තනයේ යෙදී ඇති අතර, එය වැඩිම කාලයක් අඛණ්ඩව නර්තනයේ නිරත වීමේ ලෝක වාර්තාව බව ගිනස් වෙබ් අඩවිය පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දැරියන් අතර අතිශය ජනප්‍රිය කතක් නර්තන ශෛලිය අනුව එසේ නර්තනයේ නිරත වූ දැරිය බිඳ හෙළනු ලැබුවේ 2018 වසරේදී නේපාලයේ නර්තන ශිල්පියකු වන බන්දනා විසින් පැය 126ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් තැබූ ගිනස් වාර්තාවක්.
මීට අදාල ඡායාරූප පහතින්,



