“කම්කරුවන්ට අපිට වඩා වැටුපක් හම්බෙනවා, ඒ ගැන මං ඉන්නේ ලොකු කලකිරීමක” – දමිතා අබේරත්න (PHOTOS)
ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණ බට්ටී ටෙලි කතාව නිසා ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වුණ චරිතයක් තමයි දමිතා අබේරත්න.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් තරුවක් කියන්න පුළුවන් රංගන ශිල්පිනියක් තමයි දමිතා.
ඒකට හේතුව වෙන්නේ ඇයගේ සිනහව තුළින් ඇගේ කතා විලාසය තුළින් ඇයගේ ම රංගන විලාසය තුළින් වගේම ඇයගේ හැසිරීම් තුළිනුත් මිනිස්සු ඇයට ආදරේ කරන්නට පටන් ගත්තා. ඉතින් පසුගිය දවසක ඇය පුවත්පත් සාකච්ඡාවක් සඳහා සහභාගි වෙලා තිබුණා.එහිදී ඇය ඇගේ පෞද්ගලික ජීවිතයත් , ක්ෂේත්‍රයේ කතාබහට ලක්විය යුතු කරුණු පිළිබඳවත් සාකච්ඡා කළා.
පවතින වසංගත තත්ත්වයත් සමඟ කරමින් හිටපු වැඩ කටයුතු අතරමග නතර කරන්නට සිද්ධ වුණා කියලා තමයි දමිතා කියන්නේ. ඉතින් ඇයගේ ස්වාමියා, මව සහ ගෙදර සුරතල් සතුන් දෙදෙනා සමඟ නිවාඩු පාඩුවේ මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා කියලා තමයි දමිතා කියන්නේ. රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට කලින් දමිතාට තිබුන සිහිනය තමයි සංගීත ගුරුවරියක් වීම. නමුත් කලා ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක ලැබුණු ප්‍රේක්ෂක ආදරය, ඔවුන්ගේ ගෞරවය නිසාවෙන් සංගීත ගුරුවරියක් වීමේ සිහිනය මඟ හැරෙනවා.
නමුත් ඇය ගුරුවරියක් නොවුනාට ඒ හා සමගාමී විෂය පථය තුල බොහොම ඉහලට අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා තිබෙනවා. පසුගිය දවස්වල ඇය විශාරද විභාගය සඳහා පෙනී සිටිය කියා තමයි දමිතා කියන්නේ. ඉතින් වර්තමාන රංගන ක්ෂේත්‍රය ඇතුළේ කලාකරුවන්ට ලැබෙන තත්ත්වය පිළිබඳවත් ඇය කතාබහ කරනවා. වර්තමානය වෙනකොට බොහෝ නව කලාකරුවන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් සිටිනවා.
ඒ ඇතැම් විට රියැලිටි තරගවලින් සහ අදාල නාලිකාවන් වල අනුග්‍රහය යටතේ. ඉතින් ප්‍රවීණ රංගන ශිල්පීන්ට මේ නිසා ක්ෂේත්‍රයේ ලැබෙන ඉඩකඩ අඩුයි කියලත් ඇය සඳහන් කරනවා. ඊට හේතුව පෞද්ගලික නාලිකා වලින් එකම පිරිසක් සදහා කලා නිර්මාණ කටයුතු කරන අතර ඒ හා සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිපයක් පමණයි. කලා ක්ෂේත්‍රයේ වර්ධනයට නව රංගන ශිල්පීන්ගේ දායකත්වය ඉතාමත් ඉහළින් අවශ්‍ය වන අතරම ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ දායකත්වය ඒවට ලැබුන නම් වටිනාකම ඉහලයි කියලා තමයි කියන්නේ.
වර්තමානයේ කලා ශිල්පීන්ට ලැබෙන වේතනය පිළිබඳව කතා කරන කොට ඔවුන් කම්කරුවන්ටත් පහළ වැටුපක් ලැබෙනවා කියලා තමයි කියන්නේ.මුල් කාලයේ දී නම් පිටපතකට යම් මුදලක් නිර්දේශ වුණත් අද වනවිට දවසක වේතනය තමයි කලා ශිල්පීන්ට ලැබෙන්නේ. මේ හේතුව නිසා ටෙලි නාට්‍යයක කොටස් විස්සක් තිහක් වගේ ප්‍රමාණයක් එක දවසකට රූපගත කිරීම නිසා කලා ශිල්පීන්ට අසාධාරණයක් වෙනවා කියලත් ඇය කියනවා. .
නමුත් මේ පිළිබඳව කතා කරන්නට හෝ විමසන්නට ලංකාවේ නීතියෙන් කලාකරුවන් වෙනුවෙන් පිහිටක් ලබා දෙන්නේ නැහැ. මේ නිසා අසාධාරණකම් කලාකරුවන්ට තනියම විඳගැනීමට සිදුවෙලා තියෙනවා කියලත් දමිතා අබේරත්න රංගන ශිල්පිනිය කියනවා.
ඉතින් ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව මේ සාකච්ඡාවේදී ඇය කරුණු ඉදිරිපත් කරනවා.ඇගේ සැමියා සහ මව සමගින් ගෙවන ජීවිතය පිළිබඳව ඒත් සමඟම ඔවුන්ගේ පවුලට දරුවන් පිළිබඳ සිහිනයකුත් තිබෙන බව තමයි ඇය කියන්නේ. ඉතින් අනාගතයේ දී ඔවුන්ට ඒ සිහිනය අත්පත් කරගන්නටත් හැකියාව ලැබෙයි කියලා ඇය විශ්වාස කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |