අද මෙරට දෛනික ආසාදිතයින් සහ මරණ ඇතුළත් සම්පූර්ණ වාර්තාව

Corona virus Covid 18
By Sithumi Sep 19, 2021 03:30 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 436 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 1733 ක් .

එමෙන්ම, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද (19) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

   ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබේ

තවද, අද දින මෙරටින් තවත් කොවිඩ් මරණ 103 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ. 

 මේ අනුව බෙර ටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12125 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ සමගම, දෙසතියක් තුළ මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට 53කින් පහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දත්ත විශ්ලේෂණයේදී අනාවරණය වේ. එමෙන්ම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියයට 48කින් පහළ ගොස් තිබීමද විශේෂත්වයකි. 

  ඊයේ (18) මෙරටින් හඳුනාගැනුණේ කොවිඩ් ආසාදිතයින් 1,986 දෙනෙකු පමණයි. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 2,000 සීමාවට අඩුවෙන් වාර්තා වී ඇත්තේ දින 50 කට පසුව වීම විශේෂත්වයකි. පසුගිය දින 14 සැලකීමේදී සැප්තැම්බර් 5 වනදා දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3858 සීමාවේ පැවති අතර එදිනට සාපේක්ෂව අද වනවිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සියයට 48කින් පහළ බැස තිබේ. 

දෛනික මරණ සංඛ්‍යාව සැලකීමේදී සැප්තැම්බර් 17 වනදා සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 84ක් රජය ඊයේ නිවේදනය කළේය. මෙලෙස දෛනික මරණ සංඛ්‍යාව 100 සීමාවට අඩුව ඇත්තේ දින 40කට පසුව වීම විශේෂත්වයකි. අදට දින 14කට පෙර දෛනික මරණ සංඛ්‍යාව පැවතියේ 180ක් වැනි ඉහළ අගයකයි. 

එදිනට සාපේක්ෂව අද වනවිට දෛනික මරණ සංඛ්‍යාව සියයට 53කින් පහළ බැස තිබේ. පසුගිය අගෝස්තු 20 වනදා සිට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය මෙලෙස මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු අගයකින් පහළ යාමට බලපා ඇති බව පැහැදිලිය. 

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ නව බලාපොරොත්තුවක් සමඟ ඉදිරියට යෑමේ අරමුණින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් සජීවි රූපවාහිනි වැඩසටහනක් අද (19)විකාශය කෙරුණි. එහිදී අදහස් දක්වමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර සිටියේ, "සයිනොෆාම් එන්නත වගේ මරපු වෛරසයක් තියෙන්නේ. මැරුණ දෙයක් පණ එන්නේ නෑ කියලා අපි පොඩි කාලේ ඉදලම දන්න දෙයක්. ඇසේට්‍රසෙනිකා, ෆයිසර්, මොඩර්නාවල වෛරසයේ කුඩා ජාන කෑල්ලක් තියෙන්නේ. 

  සයිනොෆාම් වගේ කරපු තාක්ෂණය අපිට අවුරුදු 50ක් වගේ කාලයක් එන්නත් නිපදවන්නේ ඒ තාක්ෂණයෙන්. වැඩි හරියක් එන්නත් නිෂ්පාදනය කරන්නේ මැරුණ වෛරස්වලින්. දැන් හොයාගෙන තියෙනවා ප්‍රතිදේහ මාස 6කින් අවම වෙනවා කියලා." යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now