බැංකුවක මුදල් සේප්පුවක් කොල්ලකයි..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 25, 2023 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (24) රාත්‍රියේ දඹුල්ල ප්‍රධාන සමෘද්ධි බැංකු ශාඛාවේ තිබූ මුදල් මංකොල්ලකා ඇති බව වාර්තා වෙයි. ප්‍රධාන දොරක් කඩා මෙම මංකොල්ලකරුවන් ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද (25) උදැසන පිරිසිදු කිරීමට පැමිණෙන සේවිකාව සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ ගොඩනැගිල්ලේ පිටුපස දොර විවෘතකර තිබෙනු දැක ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

පසුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී බැංකුවේ මුදල් තිබූ සේප්පුව සහ ගොඩනැගිල්ලේ පිටුපස ජනේලයක යකඩ කම්බි ද යන්ත්‍රයක් යොදා කපා ඉවත්කර ඇති බව දැක ඇත.

ගොඩනැගිල්ලෙන්ම විදුලිය ලබාගෙන යන්ත්‍රයක් ආධාරයෙන් මෙලෙස මුදල් තිබූ සේප්පුව කපා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

සේප්පුවේ තිබු මුදල කොපමණද යන්න මෙතෙක් ගණන් බලා නොමැති බව වාර්තා වෙයි. දඹුල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

ReeCha