පැයට කිලෝමීටර 100 ක වේගෙන් එන සුළි කුණාටුවක් - කීලිං පදිංචිකරුවන්ට අද නිවෙස්වලම ඉන්නයි දැනුම්දෙයි
By Kaushi
බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වූ කුඩා දූපත් සමූහයකට සුළි කුණාටුවක බලපෑම් මතුව ඇති අතර එය පැයට කිලෝමීටර 100 ක් දක්වා වේගයකින් ගමන් කරන බවත් සඳහන්.
එසේම එයින් සුළි සුළං සහ දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන බවටත් වාර්තා වේ.
කෙසේ වෙතත් කොකෝස් දූපත්වල (කීලිං) පදිංචිකරුවන් සඳහා සුළි සුළං පිළිබඳ උපදේශන ක්‍රියාත්මක වන අතර ඔවුන්ට දැනුම් දී ඇත්තේ නත්තල් දිනයේදී එනම් අද (25) දින නිවෙස්වලට වී රැඳී සිටින ලෙසයි.
මේ අතර හදිසි ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බව පවසයි.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මැද එනම් බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට වයඹ දිගින් කිලෝමීටර් 2,000 කට වඩා දුරින් පිහිටි දූපත්වල 600 ක් පමණ ජනතාව ජීවත්වන බව වාර්තා වේ.
ඒ අනුව මෙම කණ්ඩායමට දූපත් 27 ක් ඇතුළත් වුවත් ජනාවාස වී ඇත්තේ දූපත් දෙකක් පමණක් බව ද සඳහන්.