සූදානම් වෙන්න විදුලිය බිද වැටෙයි! හදිසි ආපදා තත්ව

covid 19 Srilamka
By Sithumi Sep 27, 2021 01:38 PM GMT
Sithumi

Sithumi

Report

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට (26) දින පස්වරුවේ සිට දැඩි සුලං තත්ත්වයක් පවති. දැඩි සුලං තත්ත්වය ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් , වටවල සහ හැටන් යන පොලිස් බල ප්‍රදේශවලට දැඩි බලපැමක් ඇති කර ඇති අතර , පවතින දැඩි සුලං තත්ත්වය නිසා අධි බලැති විදුලි රැහන් පද්ධති වලට විදුලි රැහන් කඩා වැටිම නිසා විදුලි රැහන් එකිනෙක පැටලිමෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය වරින් වර ඇණ හිටිමට ලක් වෙයි. 

 පවතින දැඩි සුලං තත්ත්වයත් සමග ගස් සහ අතු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිමත්ව කටයුතු කරන ලෙස නුවරඑලිය ආපදා කලමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගය ගස් සහ පස් කදු වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 

 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් (27) දින උදැසන කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුට වලට බාධා පැමිණ තිබු අතර ,කඩා වැටුණු ගස එම වතු යායේ වතු කම්කරුවන් එක්ව කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha