කාලගුණයෙන් රතු නිවේදන - සුළි කුණාටු, ගංවතුර හා නාය යෑමේ දැඩි අවදානමක්
කැළණි, කළු, නිල්වලා සහ ගිං ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම ජනතාවට දැනුම් දෙනවා.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ ද ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ.
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 10ක් සඳහා පළමු අදියරේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බවය.
මේ අතර කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර ප්‍රදේශ කිහිපයකින් එම ගංඟාවල පිටාර මට්ටමක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ හේතුවෙන් ගංඟා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේය.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට මේ වන විට මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවත, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.
එමෙන්ම ගිං ගඟේ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ද මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී ඇත. මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ වැලිවිටිය - දිවිතුර, බද්දේගම, කොටපොළ, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟේ පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.
මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම සහ පළාත් කිහිපයකට අද රාත්‍රිය දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, දකුණ යන පළාත් සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පැයට කිලෝමීටර් 80වක පමණ වේගයකින් සුළං ඇතිවිය හැකිය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ ප්‍රදේශ රැසකින් සුළු හානි සිදුවීම් පිළිබඳ වාර්තා වන බවය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන 6.30 නිකුත් කළ රතු නිවේදනයේ දැක්වෙන්නේ, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවය.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළ වේ. ඒ අනුව මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදේ සුළඟේ වේගය පැ.කි.මී 60 - 70 ත් අතර විය හැකිය.
මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන අතර නාවිකයින්ට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |