ඇයි අපි සල්ලි දීලා හුලං කන්නේ ?
අද වෙළඳපොළේ ටිපිටිප්,බැදපු අල පෙති,වැනි නොයෙකුත් ආකාරයේ ඔබව සතුටු කරවන අහාර නිෂ්පාදනයන් මිලදී ගැනීමට ඇත. මෙච්චර හුලං පුරවන්නෙ ඇයි කියල ඔබටත් සිතෙන්නට ඇති නේද ?
ඔබ දන්නවාද ඇයි මෙහෙම හුලං පුරවන්නෙ ඇයි කියලා ඇත්තෙන්ම මෙම අහාර පැකට් තුලට පුරවන්නේ නිකම් වාතය නොවෙයි. ඒ පුරවා ඇත්තේ නයිට්‍රජන් වායුවයි.
මෙමගින් එම පැකට්ටුවේ තිබෙන ආහාර වල Crispy ගතිය නිසි ලෙස තබා ගැනීමටත්,පුස් හටගැනීම වගේ ඔබේ ශරීරයට අහිතකර බැක්ටීරියා සහ අනෙකුත් විසබීජ ඇතිවීම වැලැක්වීමටයි.
තවද එම පැකට් තුලට සාමාන්‍යය වාතය පුරවනු නොලබන්නේ සාමාන්‍ය වාතය තුල ඔක්සිජන් ද ඇති නිසයි. එමගින් ආහාරයේ රසය වෙනස් වී දුර්ගන්ධය ඇති වීම්ට ඉඩ තිබේ.
හුලං පුරවා නොතිබීමෙන් ඇසුරුම් කිරීමේදී හා ප්‍රවාහනයේදී එම ආහාර කැඩී කුඩුවන්නට පුලුවනි, ඒ නිසා එම නිෂ්පාදන උසස් ප්‍රමිතියෙන් ඔබ අතට ලබාදීමට මේ ආකාරයෙන් නයිට්‍රජන් පුරවනු ලබයි. දැන් ඔබට ඉස්සර වගේ හිතෙනවද බොරුවට අපි හුලං වලට සල්ලි ගෙවන්නෙ ඇයි කියලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |