ගම්මාන රැසක භීතිය පැතිර යයි.. ගෙවල් වලට පැන කාන්තාවන් අතවරයට ලක් කර, නිවස කොල්ලකන කල්ලිය..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Oct 12, 2024 04:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

ඊයේ (11) වැලිවේරියෙන් එහි ආසන්නතම සිදුවීම වාර්තාවී ඇති අතර එහිදී සිදුවී ඇත්තේ, අදාළ සොරුන් නිවසකට ඇතුළු වී කාන්තාවකට සිය දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළායෑමය.

ඊයේ අලුයම 2ට පමණ, වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට සොරුන් දෙදෙනෙකු එලෙස ඇතුළු වී තිබුණි. පොලීසිය පැවසුවේ, එලෙස පැමිණි සොරුන් දෙදෙනා තියුණු ආයුධ පෙන්වා එම නිවසේ සිටි සැමියාගේ හා සිව් හැවිරිදි දරුවාගේ දෙඅත් ගැටගසා කටට පාංකඩ ඔබා ඇති බවයි.

අනතුරුව නිවසේ සිටි බිරියව ඔවුන් දෙදෙනා ඉදිරිපටදීම අතවරයට ලක් කර තිබේ. අලුයම 2 සිට 4 පමණ තෙක් සොරුන් දෙදෙනා නිවස තුළ සිට පිටවගොස් ඇත්තේ, නිවසේ තිබූ වටිනා භාණ්ඩ තොගයක් ද සොරාගනිමිනි.

සිරිලිය නිසා ශිරන්ති රත්වෙයි..නඩුව උඩටම අදියි.. වැඩ බලන පොලිස්පතිටත් නියෝගය..

සිරිලිය නිසා ශිරන්ති රත්වෙයි..නඩුව උඩටම අදියි.. වැඩ බලන පොලිස්පතිටත් නියෝගය..

නිවැසියන් මේ සම්බන්ධව කළ පැමිණිල්ලට අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සොරුන් දෙදෙනා මින් පෙරත් වැලිවේරිය, දොම්පේ සහා මල්වතුහිරිපිටිය යන ප්‍රදේශවල සොරකම් සිදුකර ඇති බවයි, එහිදී අනාවරණ වී ඇත්තේ.

එම සොරුන් දෙදෙනා නිවෙසකට ඇතුළුවීමට උත්සාහ දරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක්ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.පොලීසිය සඳහන් කළේ, සොරුන් දෙදෙනා මින් පෙරත් අදාළ නිවෙස්වල සොරකම් සිදුකර ඇති බවට වාර්තාවන බවය.

කෙසේවෙතත් මේ වනවිට පොලීසිය දැඩි අරබුදයකට මුහුණ දී සිටී. ඊට හේතුවී ඇත්තේ මෙම සොරුන් දෙදෙනා සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණ කරගෙන පැමිණීම නිසා කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකිවීමය.

ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක් එම සොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පත්කර ඇති අතර එම සොරුන් දෙදෙනා සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙතොත් ළඟම පොලීසියට දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ReeCha