ගසක් කඩා වැටී වැටී දරුවකු මියයයි. කාන්තාවක පහර දීමෙන් පහරදීමෙන් පියෙකු මිය යයි.

srilanka Corona virus Covid 19
By Sithumi Oct 16, 2021 01:58 PM GMT
Sithumi

Sithumi

Report

හේනක දැනෙමින් තිබූ කෝල් ගසක් කඩා වැටී සිදු වූ සිදුවූ අනතුරකින් ගස අසල රැඳී සිටි 14 හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් හොරොව්පතාන මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

මෙම සිසුවා සිය ඥාති සොහොයුරකු සමග හේනට ගොස් ඇති අතර කාර්මික දෝෂයකට ලක්ව තිබූ ට්‍රැක්ටරයක රැඳී සිටියදී ගස ඒ මතට කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ සිසුවා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටියා. මේ අතර මැදිරිගිරිය පැරකුම්පුර ප්‍රදේශයේ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් විසඳීමට උත්සාහ කළ එම ප්‍රදේශයේම පදිංචි තිස් හත් හැවිරිදි කාන්තාවක තියුණු ආයුධයකින් සිදු කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබුණා.

මියගිය පුද්ගලයා දින හතක් වයසැති කුඩා බිළිඳෙකුගේ පියෙක්. එයට සම්බන්ධ කාන්තාව මැදිරිගිරි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.


දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.

වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.