දුවට කෝල් ගත්තත් ආන්සර් කරලා නෑ.. කලබල වුණ මව හදිසියේම දුවගෙන ඇවිත්.. කාන්තාවක් අමානුෂිකව ඝාතනය කර ඇගේ නිවස පිටුපසම වළ දාලා - විමර්ශනවල දී හෙළි වුණ පුදුම හිතෙන හෙළිදරව්වක්.. (PHOTOS)
මුලතිව් - නිරාවිපිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කොට වළ දමා තිබිය දී සොයා ගෙන තිබෙනවා.
ඒ මුලතිව් මුල්ලියාවේලි පොලීසිය විසින් ය.
මෙලෙස ඝාතනය කර වළ දමා ඇත්තේ මුලතිව්, නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාන්තාවක් ය.
ඇගේ සැමියා විසින් ඇයව ඝාතනය කර වළ දමා පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ පාපොච්චාරණය මත මළ සිරුර වළ දමා තිබු ස්ථානයෙන් ගොඩ ගෙන ඇත.
පසුගිය 21 වැනිදා මියගිය කාන්තාව සිය මවට දුරකථනයෙන් කතා කර තිබෙන අතර පසුව දියණියගෙන් දින ගණනාවක් කිසිදු තොරතුරක් නොමැති බැවින් මව 23 වැනිදා දියණිය රැඳී සිටි නිවසට ගොස් ඇත.
එම නිවස පරීක්ෂා කළ ඇයට දකින්නට ලැබී ඇත්තේ කුලි පදනම මත රැඳී සිටි එම නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බවයි.
පසුව දියණියගේ දුරකථනයෙන් ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මියගිය කාන්තාවගේ මව නිවස වටා ද පරීක්ෂා කර තිබෙනවා.
අනතුරුව තම දියණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඇය මුල්ලියාවෙලි පොලීසිය වෙත ගොස් පැමිණිලි කර ඇත.
ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ රැඳී සිටි මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුවයි.
එහිදී පොලිසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් සැකකරු විසින් අදාළ කාන්තාව ඝාතනය කර වළ දමා තිබු ස්ථානය හඳුනාගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා.
ඉන් පසුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ මුල්ලියාවේලි පොලීසිය විසින් නිවස පිටුපස කපා තිබු වළ හාරා පරීක්ෂා කර ඇත.
එහිදී වළ දමා තිබු මියගිය කාන්තාවගේ මළ සිරුරු සොයා ගැනීමට පොලිසිය සමත් විය.
මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ප්‍රදේශවාසීන් කියා සිටියේ මියගිය කාන්තාව හා ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර විවාහ වී ඇති බවත් කලෙක පටන් දෙදෙනා අතර යම් යම් ආරවුල් පැවති බවත් ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුල්ලියාවේලි පොලීසිය විසින් සිදුකරනු ලබයි.




