ප්‍රභල ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මරණ තර්ජන.. මහේල ඉන්දියාවට යාම ප්‍රතික්ෂ්‍රේප කරයි...
පාකිස්ථාන තරග සංචාරය අවලංගු කර රටින් පිටව ගිය නවසීලන්ත ක්‍රීඩකයෙකුට රටින් පිටවීමට පෙර මරණ තර්ජන එල්ලවී තිබෙනවා.
ක්‍රීඩකයින් 34 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත සංචිතය පසුගියදා පාකිස්ථානයට පැමිණිය ද ආරක්ෂක හේතූන් මත නවසීලන්ත කණ්ඩායම විසින් සිය තරග සංචාරය අවලංගු කළා.
පාකිස්තානයේ ආරක්ෂාව ඉහළ තත්වයක පවතින මොහොතකදී තරගාවලිය අවලංගු කර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය යම් පියවරක් ගත යුතු බවයි පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක් සඳහන් කළේ.
මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාර ගැනීම සදහා සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට රවී ශාස්ට්‍රී කටයුතු කරන නමුත්, ඔහුගේ සේවා කාලය එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් වනවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ මීළග ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වන්නේ කවුරුන්දැයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ එම ධූරය සදහා යළිත් අනිල් කුම්බ්ලේ පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි.
කුම්බ්ලේ මිට පෙර ද ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, ඔහු 2017 වසරේ දී එම ධූරයෙන් ඉල්ල අස් වුණා.
විරාට් කෝලි සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත ඔහු ධූරයෙන් ඉවත් වූ බවටයි වාර්තා පල වුණේ.
ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පත් කිරීම සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබූ නමුත්, මහේල එය ප්‍රතික්ෂේප කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය බැවින් මහේල එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේනම් එම පුද්ගලයාට ක්‍රිකට් සම්බන්ධ වෙනත් කිසිදු ධූරයකට කටයුතු කළ නොහැකියි.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය මැයි මාසයේදී අතරමග නවතා දැමුණු අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි තරග අද සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙනවා.
පළමු තරගය චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.
තරගාවලියේ තරග 29ක් මේ වන විට පවත්වා අවසන් අතර අවසන් මහා තරගය ද ඇතුළුව ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 30ක්.
අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අද ආරම්භ කරන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින්.
එහි දෙවන ස්ථානයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් තුන් වන ස්ථානයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් පසුවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
