සරම්ප වැළඳුණු එළදෙනුන් මසට විකිනීමෙන් දෛනික කිරි නිෂ්පාදනය පහලට..

Nuwara Eliya Ministry of Health Sri Lanka Weather Office of Public Health
By Piyumika May 22, 2024 06:14 AM GMT
Piyumika

Piyumika

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවීන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය පැතිර යාමක් දක්නට ලැබෙන බව වර්ත වේ.

මේ හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් පවසා සිටියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්..


නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රිෂියන්, ජර්සි, ප්‍රිෂියන් ජර්සි දෙමුහුම් එළදෙනුන් ගොවීන් බහුල වශයෙන් ඇති කරනු ලබන අතර දේශීය කිරි කර්මාන්තයට මධ්‍යම පළාතින් 33%ක පමණ දියර කිරි නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන බවත්, ඉන් 12%ක් පමණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලබාදේ.

මෙලෙස පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් සතුන් මියයාම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවීන් විසින් ගවමස් අලෙවිසල්වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා පැවසීය.

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..


එමෙන්ම එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබා දිය යුතුව ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරීමට නොහැකි වී ඇති බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පශු වෛද්‍ය සුරේෂ් කුමාර් කියා සිටියේය.