කොවිඩ් එන්නතේ මීළඟ අදිරය කුමන දිස්ත්‍රික්ක වලටද ?

covid19 jaffna vaccination shavendra silva rathnapura
By Sewvandhi May 28, 2021 12:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මීළඟ එන්නත්කරණ වැඩසටහන් රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පවතින කොවිඩ් අවදානම මත සෞඛ්‍ය අංශවල නිර්දේශ පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

කොවිඩ් එන්නත්කරන වැඩසටහන බස්නාහිර පළාතෙන් ආරම්භ වූ අතර පසුව එය ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කළේය.

ඒ අනුව මේ වනවිට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයන් ගණන 1,503,635කි.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බවය. 


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now