දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු ෆයිසර් එන්නත් තොගය දිවයිනට

covid19 america channa jayasumana pfyser vaciination
By Sewvandhi Jul 05, 2021 01:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළමු වරට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකෙන් පළමු කොටස ලෙස එම එන්නත් මාත්‍රා 26,000 මෙරටට ලැබී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙසෙද සැලකේ.

මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය ඡන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now