කොවිඩ් අවදානම ඉහළ යාම හේතුවෙන් එන්නත්කරණය වේගවත් කෙරේ..ආදිවාසී පිරිසත් ඒ අතර (PHOTOS)

covid19 isolated vaccination travel restriction quarantne
By Sewvandhi Jun 30, 2021 02:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවදුරටත් කොවිඩ් ව්‍යාප්තිය අතින් ඉහළ අවදානමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණ කර තිබේ. මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර රෝහල්වල ස්ථාපිත මධ්‍යස්ථාන මඟින් ද එන්නත්කරණය සිදුකිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, දිවයිනටම බලපැවැත්වූ සංචරණ සීමා ඉවත්කර අද වනවිට දින 05ක් ගතවී ඇත. එවන් පසුබිමක ගෙවුණු දින 07ක කාලය තුළ වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්වල තත්ත්වය අපි සංසන්දනාත්මකව විමසා බැලීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 175 ත් 400 ත් අතර පැවතුණි. ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 175 ත් 450ත් අතර පරාසයක පවතින බව පෙනී යයි. කළුතර දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 175 ත් 400 ත් අතර පරාසයක පවතී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයන් ගණන 10 ත් 125 ත් අතර පරාසයක පවතින අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50 ත් 200ත් අතර පරාසයක පවතින බව පැහැදිලිය. ගාල්ල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පවතින්නේ 25ත් 150ත් අතර ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ දෛනික ආසාදිතයින් 10ත් 100ත් අතර පරාසයක පැවතියේය.

මේ අනුව ආසාදිතයින් වාර්තාවීම අතින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 03ම සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවමත් ඉහළ අවදානමක පවතින බව පැහැදිලිය. මෙවන් පසුබිමක් තුළ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඊයේ (29) පී.සී.ආර්.පරීක්ෂණ 16,934ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව ගෙවුණු සතියේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකෙරුණු ප්‍රමාණය සැලකීමේදී දෛනික පී.සී.ආර්.පරීක්ෂණවල සාමාන්‍යය 17,883 කි.

මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අදත් (30) සිදුවූ අතර රෝහල්වල ස්ථාපිත මධ්‍යස්ථානවලදීද එන්නත්කරණය සිදුකෙරුණි. කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් 18කත්, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 17කත්, කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් 10කත් හෙට දිනයේත් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව හා සයිනොෆාම් පළමු හා දෙවන මාත්‍රා ලබාගත් සමස්ත ගණන 106,998 ක් බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවේ දැක්වේ. ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් පිරිසක් සඳහා එන්නත ලබාදීම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද සිදුකෙරුණි.

කොවිඩ් අවදානම ඉහළ යාම හේතුවෙන් එන්නත්කරණය වේගවත් කෙරේ..ආදිවාසී පිරිසත් ඒ අතර (PHOTOS) | Covid19 Vaccination Sri Lanka

මේ දක්වා කිසියම් කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත ගණන 2,697,778කි. ඒ අතරින් 995,325 දෙනෙකු මාත්‍රා දෙකම ලබාගෙන තිබේ. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමය හෙට (01) හා අනිද්දා (02) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව එම සංගම් අද සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now