දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වේ

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 10, 2021 12:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රී ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ වාර්තාව අද යළිත් අලුත් කරමින් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1910ක් ලෙසටයි.

කෙසේවෙතත් මෙරටින් අද දිනයේ කිසිදු කොවිඩ් මරණයක් වාර්තාවී නැහැ

. අද තහවුරු කළ මරණ 67න් 19ක් සිදුවී ඇත්තේ මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලදීයි. තවත් මරණ 48ක් මෙම මස පළමුවනදා සිට ඊයෙ (08) දිනය දක්වා සිදුවී තිබෙනවා.

අද තහවුරු කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 43ක් සහ කාන්තාවන් 24ක් වනවා.

ඔවුන්ගෙන් 6 දෙනෙකු මියගොස් ඇත්තේ නිවසේදීයි. රෝහල් ගත කරන අවස්ථාව වන විට මරණ 5ක් සිදුවී තිබෙනවා.

අනෙක් මරණ 56 සිදුව ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery