40 ට ආසන්න මරණ වලට හේතුව සහ ඒවා සිදු වු ප්‍රදේශ සවිස්තරාත්මකව ( Update)

covid19 isolated quarantine travel restriction covid deaths
By Sewvandhi May 28, 2021 05:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 39ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1363ක් ලෙසටයි.

මේවන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 177711ක් හමුවී ඇති අතර ඉන් 29986ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 146362ක්.

මෙම මරණ අතරින් 3 ක් ඊයේ (28) දිනයේත් සෙසු ඒවා අප්‍රේල් 29 සිට මැයි 27 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

මින් තිදෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් තිදෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත.

හංදෙස්ස ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක්, වාද්දුව ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක් සහ 34 හැවිරිදි කාන්තාවක්, පල්ලේවෙල ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, දඹදෙණිය ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනාවල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි අයෙක්, ගලහ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, රාජගිරිය ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, කරදවෙල ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ල ප්‍රදේශයේ 74 සහ 78 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්, කල්එළිය ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක්, දිවුලපිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, අත්තනගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, පේරාදෙණියේ 87 හැවිරිදි කාන්තාවක්, පට්ටියවත්ත ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක්, මහනුවර 75 හැවිරිදි කාන්තාවක්, බලංගොඩ ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, දොඩංගොඩ ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර 61 හැවිරිදි පිරිමි අයෙක්, බඩල්ගම ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, දෙදෙනෙක්, ඉමදූව ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, දැරණියගල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, පේරිය පොරතිව් ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, කළුගස්වැව ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක්, කඩුගන්නාව ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, තලාතුඔය ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක්, දොඩන්දූව ප්‍රදේශයේ 90 හැවිරිදි කාන්තාවක්, බටපොළ ප්‍රදේශයේ 86 හැවිරිදි පිරිමි අයෙක්, හපුගස්පිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, කොට්ටාව ප්‍රදේශයේ 57 හැවිරිදි පිරිමි අයෙක්, දීගල්ල් ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක්, මල්වාන ප්‍රදේශයේ 43 හැවිරිදි පිරිමි අයෙක්, ගම්පොල ප්‍රදේශයේ 64 හැවිරිදි පිරිමි අයෙක් සහ 52 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතර වෙති.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery