එන්නත ගන්න එපා කිව්වොත් වෙන දේ මෙන්න
Sri lanka
covid 19
Covid vaccination
By Sithumi
කොවිඩ් -19 මර්දන එන්නත් ලබාගැනීමෙන් මඳසරුභාවය ඇතිවන බවට වන ප්‍රචාර අසත්‍ය බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පවසයි. අද (18) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය උපුල් දිසානායක මහතා, "වයස අවුරුදු 20 - 30ත් අතර අය එන්නත ගන්න ලොකු උනන්දුවක් නෑ. සමාජ මාධ්‍ය ජාලාවල තියෙනවා, මේ එන්නත ගත්තහම ඒ අයට මඳසරුභාවය එනවා එහෙම නැත්නම් ලිංගික බෙලහීනතාවය එනවා කියලා.
කිසිදු විද්‍යාත්මක පදනමක් නැති වැරදි මතයක්. මේ වැක්සින් එක හොයාගෙනත් තවම අවුරුද්දක් නෑ, වැක්සින් එක ගහලා දරුවන් ලැබීමට තවම කාලයක් ඇවිල්ලා නෑ. මේකෙ අතුරු ආබාධ වැඩියි ඒ නිසා ගන්න එපා කියන එක මං හිතන්නේ සමාජ විරෝධී ක්‍රියාවක්."