ලංකාවේ එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ නොතකමින්.. ඵලදායීතාව අඩුවෙයි..
ශ්‍රී ලංකාව තුළ කොරෝනා එන්නත් කරනුයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්දේශ නොසලකා හරිමින් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.
අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම, මරණ අඩු කර ගැනීම, රෝහල්ගත වීම අඩු කරගැනීම සඳහා වන උපායමාර්ගයන් අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තදින් පෙන්වා දී ඇතත් ඒවා ක්‍රියාත්මක නොවීම වසංගතය මර්දනය කිරීමට බලවත් තර්ජනයක් වී ඇතැයි සංගමය සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එම සංගමය පැවති සාකච්ඡාවකදීය. මෙරට එන්නත් කරණයේ දී වෛරසය මතුව ස්ථානවලට මුල්තැනක් නොදීම, දේශපාලන මැදිහත්වීම සිදු වීම, බෝ නොවන රෝග ඇති අයට ප්‍රමුඛතාව ලබා නොදීම වැනි හේතු මත එන්නත් ලබාදීමේ ඵලදායීතාවය අඩුවිය එහිදී ඔහු පෙන්වාදී තිබේ.
මෙරට ජනගහනයෙන් 70%කට එන්නත ලබා දිය යුතු ඇති බවද පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |